මී මැස්සා
මී මැස්සා
භාහිර පෙනුම -
Bee ලෙස ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන මී මැස්සා ප්‍රමාණයෙන් කුඩාය. පැහැයෙන් කහ දුඹුරු පැහැයක් ගන්නා අතර උදර කොටසේ තද දුඹුරු පැහැති පටි ආකාරයක් දැකිය හැකිය.
මී වදය -
මී වද සෑදීමේදී ඉතා ඉහළ තුරු මුදුන් වෙත ගමන් කරනු නිරීක්ෂණය කළ නොහැකි නමුත් තරමක් උස් වූ ආරක්ෂිත හා ශක්තිමත් අතු වල මී වද බැදිනු දැකිය හැක.මීමැස්සන් විසින් මී වදයේ පැණි ගබඩා කිරීමේදී, එක් එක් වදයේ ඉහළ සම්පූර්ණ තීරුවම ඒ සඳහා භාවිතා කරයි. මී වදයක ඇති කෝෂ සැදීම නිරීක්ෂණය කිරීමේ දී දැකි හැකි ප්‍රධාන පදනම් ආකාර දෙකකි.ඒවා නම් සේවක පදනම හා පිරිමි මී මැසි පදනමයි.සේවක පදනම අනුව ගොඩ නැගුනු මී වදයක මී මැස්සාට ශඩස්‍රාකාර කුඩා සේවක කෝෂ තනා ගැනීමට හැකියාව සලසන අතර, පිරිමි මී මැසි පදනම මත ගොඩ නැගුනු මී වදයක පිරිමි මීමැස්සන්ට වඩා විශාල කෝෂ තනා ගැනීමට ඉඩ සලසා තිබෙනු දැකිය හැක.
මී මැස්සන් ආකාර-
මී මැසි ජනපදයක හඳුනා ගත හැකි මී මැස්සන් වර්ග තුනක් සිටිති.
රැජින -
මී මැසි ජනපදයක සාමාන්‍යයෙන් උත්පාදන ශක්තියක් තිබෙන එකම ගැහැණු සතා මී මැසි රැජින වේ.මී මැසි රැජින මී මැසි ජනපදයක සිටින ලිංගික වශයෙන් පරිණත භාවයට පත් වූ එකම මී මැස්සියයි. මී වදය තුල සිටින සියලුම ගැහැණු වැඩකාර මැස්සියන්ගේ සහ පිරිමි මී මැස්සන්ගේ මව වන්නේ ඇයයි. මී මැසි රැජිණක් අවුරුදු තුනක් පමණ ජීවත් වන අතර එම කාලය තුල ඇය මිලියන භාගයක තරම් බිජු ප්‍රමාණයක් දමන්නීය. හොඳින් බිත්තර දමන කාලයේ මී මැසි
රැජිණක් දිනකට බිත්තර 3000 ක් පමණ දමන්නීය.
ගැහැණු කම්කරු මී මැස්සියන් -
එක් මී වදයක ගැහැණු කම්කරු මී මැස්සියන් 30,000 - සිට 50,000 දක්වා ප්‍රමාණයක් සිටින නමුත් මොවුන් ලිංගිකව පරිණත නැත.
පිරිමි මී මැස්සන් -
වදයක සිටින පිරිමි මී මැස්සන් ප්‍රමාණය වෙනස් විය හැකිය. ඉතා හොඳ වදයක පිරිමි මී මැස්සන් දාහක් පමණ සිටිය හැකි අතර ශීත කාල වලදී හා නියඟ කාලවලදි මෙම ප්‍රමාණය අඩුවේ.
මී මැසි දෂ්ඨනය -
මී මැස්සෙකු දෂ්ඨ කිරීමෙන් සමහර පුද්ගලයින් හට අසාත්මිකතා ඇති නොකරන අතර බහුලව දැකිය හැකි අසාත්මිකතා ලක්ෂණ වනුයේ දෂ්ට කළ ස්ථානය තරමක් රතු පැහැ වී මද ඉදිමුම් තත්ත්වයක් ඇති කිරීමයි. මෙවැනි අසාත්මික තත්ත්වයක් ඇති නොකළ ද මී මැස්සාගේ විෂ දලය ගලවා ඉවත් කිරීම අත්‍යවශ්‍ය වේ. මී මැස්සන් ඇතැම් විට රංචු වශයෙන් ආක්‍රමණයට යොවන නමුත් ඔවුන් පන්න පන්නා පහර දෙන්නේ නැත. මී මැස්සාගේ දළ හිසෙහි මුව ආශ්‍රිතව පිහිටා තිබීම නිසා එක් වරක් දෂ්ඨ කිරීමෙන් පසු මී මැස්සන් ද බඹරුන් මෙන් මිය යනවා. මී මැසි ජනපද
Comments
Post a Comment