අලියා

🐘 අලියා යනු වර්තමානයේ ගොඩබිම වෙසෙන විශාලතම ක්ෂීරපායි සත්ත්වයාය. 

 


🐘 අලියාගේ විද්‍යාත්මක නාමය ,

අප්‍රිකානු අලියා - Loxodonta africana

ආසියානු අලියා - Elephas maximus

🐘 අප්‍රිකානු අලියා ආසියානු අලියාට වඩා ප්‍රමාණයෙන් විශාල වන අතර උසින් වැඩිය. අප්‍රිකානු අලියාගේ හිස සම්පූර්ණ වටකුරු හා තනි හිස් මුදුනක් ඇත. නමුත් ආසියානු අලියාගේ හිස ද්විත්ව ගෝලාකාර හිස් මුදුනක් දැකිය හැක.

🐘 අලියාගේ දෘෂ්ටිය තරමක් මද වුව ද ආඝ්‍රාණ සංවේදනය හා ශ්‍රවණ සංවේදනය ඉතා ඉහළ මට්ටමක පවතී.

🐘 තම දේහ උෂ්ණත්වය පාලනය කර ගැනීම සඳහා අලියා නිතරම කන් පෙති සොලවනු ලබන්නේ අලියාගේ කන් පෙති ඉතාමත් හොඳින් වාහිනීමත් වී ඇති නිසාය. 

🐘 අලියා යනු ක්ෂීරපායි  සත්ත්වයෙකි. ක්ෂීරපායි  සතුන් හට කෘන්තක, රදනක, පුරස්චාර්වක හා චාර්වක යන දත් වර්ග හතරම පවතින දැක ගත හැකිය. නමුත් අලියා නම් ක්ෂීරපායි සත්ත්වයා ඉන් සුවිශේෂී වේ.

🐘 එසේ වන්නේ අලියාගේ දන්ත වින්‍යාසය අනෙකුත් ක්ෂීරපායි සතුන්ගේ දන්ත වින්‍යාසයෙන් වෙනස් වන බැවිනි.

🐘 අලියා සතු පවතිනුයේ දත් වර්ග දෙකක් පමණ. ඒවා නම් කෘන්තක දත් යුගලයක් සහ චාර්වක දත් යුගලයක් පමණි.

🐘 තවත් කරුණක් නිසා අලියා අනෙකුත් ක්ෂීරපායි  සතුන් අතරින් සුවිශේෂීවේ. ඒ දිගු ශක්තිමත් පේශීමය හොඩක් දරන එකම සත්තු කාණ්ඩය වන බැවිනි.



🐘 මෙම හොඩවැල නිර්මාණය වී ඇත්තේ අලියාගේ නාසයෙන් සහ උඩු තොල වඩාත් දිගු වීමෙනි. 

🐘 එහි කෙළවර නාස් විවරය පවතින අතර ශ්වසනයට අමතරව අලියාට ශාක ද්‍රව්‍ය ග්‍රහණය කර ගැනීමටත් ඒවා මුඛය තුළට දමා ගැනීමටත් ජලය පානය කිරීමටත් අවශ්‍ය නම් තම පිට ප්‍රදේශයට ජලය සහ මඩ ආදිය විසුරුවා ගැනීමටත් මෙමගින් අවස්ථාව ලබා දෙයි.

🐘 තවද අවශ්‍ය විටෙක ආරක්ෂාව සඳහා පහර දීමටත් මෙම ශක්තිමත් පේශීමය හොඩ භාවිත කරනු ලැබේ.

🐘 අලියා තම පිට මතට වරින් වර පස් හෝ දූවිලි ඉසිරුවා ගන්නේ කෘමි සතුන් ගෙන් ආරක්ෂා වීමටය.

🐘 අප එදිනෙදා ව්‍යවහාරයේ දළ සහිත නම් ඇතා ලෙසද දළ රහිත නම් අලියා ලෙසද මෙම සතුන් වර්ග කරනු ලැබේ.  

🐘 සත්ත්ව වර්ගීකරණය තුළ එලෙස වර්ගීකරණයක් දැකගත නොහැක ඇත්තේ අප්‍රිකානු අලියා සහ ආසියානු අලියා ලෙස උප ගෝත්‍ර දෙකක් පමණි.



🐘 අලියාගේ දළ ලෙස වර්ධනය වනුයේ උඩ හනුවේ ඇති කෘන්තක දත් යුගලයයි.

🐘 මෙම කෘන්තක දත් යුගලේ සමහර සතුන්ගේ කෘන්තක දතක් පමණක් දළ ලෙස වර්ධනය වන අතර එවැනි අලියන් ජන ව්‍යවහාරයේ ඒකදන්තයා ලෙස හැඳින් වේ.

🐘 තවද කෘන්තක දත් යුගල ම වැඩි ඒවා එකිනෙක මතින් ගමන් ගෙන ඇති අලියන් දලපූට්ටුවා ලෙස හඳුන්වනු ලැබේ.

🐘 ඒ කෙසේ වෙතත් අප්‍රිකානු අලියන්ගේ ගැහැණු සහ පිරිමි සතුන් යන දෙවර්ගයේම දළ වර්ධනය වුව ද ආසියානු අලියන්ගේ දළ වර්ධනය වනුයේ පිරිමි සතුන්ගේ පමණි. එයින් ද සියළුම පිරිමි සතුන්ගේ දළ වර්ධනය වීමක් සිදුනොවේ.

🐘 අලියා සතුව පවතින අනෙකුත් වර්ගය වනුයේ චාර්වක දත්ය. මෙම දත් ඉතා විශාල හා උස් වූ කිරුළු සහිත ලඝු දන්තී ආකාරයේ දත්‍ වේ.

🐘 දත්වල මතුපිට විශාල ඇඹරුම් ගැටිති සහිත පෘෂ්ඨ පවතින අතර එමගින් ඝන ශාක ද්‍රව්‍ය අඹරා ආහාරයට ගැනීමේ හැකියාවක් අලියට ලබාදේ.

🐘 ඇඹරුම් පෘෂ්ඪ වල ස්වභාවය අනුව අපට අලියෙකුගේ හිස් කබලක් එය අප්‍රිකානු අලියෙකුගේ ද නැතහොත් ආසියානු අලියා ගේ ද යන්න වෙන්කර හඳුනාගැනීමට උපකාරී වේ.

🐘 එනම් මෙම ඇඹරුම් පෘෂ්ඨ මතුපිට පවතින ගැටිති ඕවලාකාර හැඩයක් ගන්නේ එනම් එම හිස් කබල ආසියානු අලියෙකුට අයත් වන අතර ඇඹරුම් පෘෂ්ඨය මතුපිට ඇති ගැටිති දියමන්ති හැඩයෙන් යුක්ත වේ නම් එම හිස් කබල අප්‍රිකානු අලියෙකුට අයත් වේ.


🐘 අලියෙක් සතුව පවතින චාරුක දත් ඉතා විශාල බැවින් වරකට හණුවක පවතිනුයේ චාර්වක දත් යුගලයක් පමණි.

🐘 මෙම දත් ගෙවී අවසන් වන විට නව යුගයක් ඇතිවේ. මෙය සන්තතිකව සිදු වන ක්‍රියාවකි. 

🐘 එනිසා අලියාගේ හනුවේ ගෙවී යන පරණ දතෙහි කොටසක් හා නව ස්ථාපිත වෙමින් පවතින  චර්වක දත හි කොටසක් පවතිනු නිරීක්ෂණය කළ හැකිය.

🐘 මෙලෙස අලියා ගේ ජීවිත කාලය තුළ චර්වක දත් යුගළ හයක්  සන්තතික ලෙස වර්ධනය වේ .

🐘 අවසාන චාර්වක දත් යුගළය ද ගෙවී ගිය පසුව අලියට ආහාර ගැනීම අපහසු වන බැවින් ඔවුන්ගේ ජීවිතයේ අවසාන එයින් උදා වේ. මේ නිසා අලියාට පවතින්නේ යාන්ත්‍රික මරණයකි.

🐘 අලියා තම ජීවිතයේ අවසාන කාලයේ දී තණ බිම් හා වැව් ඉවුරු කරා ඇදී එන්නේ එහි පවතින ළපටි  තණ පත්‍ර ඇඹරීම කින් තොරව පහසුවෙන් ආහාරයට ගත හැකි බැවිනි.

🐘 නමුත් ආහාර ප්‍රමාණවත් නොවීම නිසා අලියාගේ යාන්ත්‍රික මරණය සිදුවේ.



🐘🐘🐘🐘 රූපමය අයිතිය

 https://images.app.goo.gl/avgNJH2m3P6w4LpD7 සතු වේ.


Comments

Popular posts from this blog

මී මැස්සා