දෙබරා

 දෙබරා 

දෙබරා බුද්ධිමත් හා උපක්‍රමශීලී සත්වයෙකි. ඔවුන් හට සමාන ලක්ෂණ සහිත දෑ වෙන් කර හඳුනා ගැනීමේ හැකියාවක් ඇත. එනම් මිනිස් සමූහයක් අතරින් පුද්ගලයින් වෙන් වෙන් වශයෙන් වෙන් කර හඳුනා ගත හැක.  මෙය සකර්මක විනිශ්ච හැකියාව නම් වන අතර  එම හැකියාව ඇති බවට තහවුරු කර ඇති එකම අපෘෂ්ඨවංශි සත්ව වර්ගය දෙබරුන් පමණි. දෙබරාට වර්ණයෙන් අඩු වැඩි දෑ මෙන්ම සමාන ගති ඇති යුගළ සැනින් තෝරා ගැනීමට ද හැකියාව පවතී.


භාහිර පෙනුම -

දෙබරා , බඹරාට වඩා තරමක් ප්‍රමාණයෙන් විශාල වන අතර කද වටා කහ පැහැති පටියක් දැකිය හැකිය.



දෙබර කූඩු - 

ග්‍රාමීය පෙදෙස් වල මෙන්ම නාගරික ප්‍රදේශ වලද පහසුවෙන් ලගා විය නොහැකි ඉතා උස් ස්ථාන වල දෙබර කූඩු නිර්මාණය කරනු ලබනවා. මෙම කූඩු සෑදීමේදී ශාක කොටස් තදින් හපා ඒවායේ ඇති කෙදි සමඟ ඉතා විෂ සහිත දෙබර ඛේටය මිශ්‍ර කරයි.  



දෙබර වදයේ පාලනය -

දෙබර ජනපදයක් තුළ එක් රැජිණක් නොව පරපුර බිහි කළ හැකි රැජිණියන් (ගැහැණු සතුන්) කිහිප දෙනෙකු වන අතර ඔවුන් එකිනෙකා අතර අනෙකා පාලනය කිරීමට තරඟ කරයි. 


දෙබර දෂ්ඨනය -

වඩාත්ම දරුණු ගණයේ ප්‍රහාරයක් වන දෙබර ප්‍රහාර නිසා සමෙන් ලේ වැගිරීම් පවා සිදු විය හැකිය. අදාළ ස්ථානය රතු පැහැ වී ඉදිමෙන අතර ඉතා දැඩි වේදනාවක් ඇති කරයි. දෙබර විෂෙන් ඉන්ද්‍රිය ආබාධ හා හෘදයාබාධ තත්ත්වයන් ද ඇති විය හැකිය. හෘදයේ කිරීටක ධමනි වල මේද තැම්පත්ව ඇති පුද්ගලයන් හට බොහෝ විට දෙබර දෂ්ඨනයෙන් පසු දින හදිසි හෘදයාබාධ තත්ත්වයන්ට මුහුණ දෙන්නේ මේ නිසාය. දෙබරා දෂ්ඨනය කරන්නෙ උදරය අග කොටසේ ඇති දළ මගිනි. මේ නිසා එම දළ කැඩී යාමකට ලක් නොවන නිසා දෙබරාට බොහෝ වාර ගණනක් දෂ්ඨ කළ හැක. 

දෙබරා ගැන වැඩි දුර විස්තර සඳහා click කරන්න

http://ity.im/765gU




Comments

Popular posts from this blog

මී මැස්සා