තල්මසුන්

 🐳 තල්මසුන් අයත් වන්නෙ සත්ව වර්ගීකරණයේ ක්ෂීරපායි වර්ගයේ සිටේෂියා ගෝත්‍රයට ය.

  


🐳 තල්මසා මුහුදේ ජීවත් වන තවත් එක් මසුන් වර්ගයක් ලෙස බොහෝ දෙනෙකු වරදවා වටහා ගෙන ඇත.

🐳 එයට හේතු වී ඇත්තේ තල්මසුන්ගේ හැඩය ද මසුන් ගේ මෙන් ද්විත්ව අනාකූල හැඩයක් දරන බැවින් හා ජලයේ ජීවත් වන බැවිනි.

🐳 නමුත් තල්මසුන්ගේ අපිචර්මීය ආවරණය ලෙස කොරළ නොපවතින අතර රෝම රහිත ඉතා සිනිඳු සමක් පවතී. මේ නිසා ජලය තුළ දී ඇති වන ඝර්ෂණය වළක්වාගෙන කිමිදීම පහසු වී ඇත.

🐳 ක්ෂීරපායින්ගේ මෙන් බාහිර කන් පෙති නොමැති අතර ඉතා කුඩා කන් විවර දෙකක් පවතී. මේවාද කුඩා සම් පටළයක් මගින් ආවරණය වී ඇත්තේ මැද  කණ හා ඇතුළු කණ වෙත ජලය ගමන් කිරීම වැළැක්වීමටය.

🐳 තල්මසා යනු ජලජ පරිසර වල මෙන්ම ලොව දැනට වෙසෙන විශාලතම ක්ෂීරපායි සත්වයා වේ.

🐳 තල්මසා හට ජලය තුළ දී ශ්වසනය සිදු කළ නොහැක.

🐳 එසේ වන්නේ මත්ස්‍යයින්ට මෙන් තල්මසුන් හට කරමල් නොමැති බැවිනි. ඔවුන් සතුව නාස් විවරයක් පවතී.

🐳 නාස් විවරය පවතිනුයේ හිස කොටසේ පෘෂ්ඨීය පැත්තේය.





🐳 මෙම නාස් විවරයෙන් උනුසුම් හා තෙත ප්‍රාශ්වාස වාතය වේගයෙන් ජල පෘෂ්ඨයේ සිට වේගයෙන් පිටතට විදිනු ලැබේ. මෙය ජල මලක් මෙන් අපට දිස් වන අතර නිල් තල්මසුන්ගේ මෙම ප්‍රශ්වාස ජල මීදුම් ධාරාව මීටර් 9 සිට  12 අතර උසකට විදින බව සොයාගෙන ඇත.




🐳 මේ නිසා තල්මසා වරින් වර ජලයේ මතු පිටට පැමිණෙන්නේ කිමිදුම් සඳහා අවශ්‍ය කරන වායු හුවමාරුව සඳහාය.

🐳 තල්මසුන් ගේ ශ්වසනය පෙනහළු මගින් සිදුවේ.

🐳 බොහෝ තල්මසුන් ශාක ප්ලවාංග හෝ සත්ව ප්ලවාංග භක්ෂක වේ.

🐳 නමුත් සෑම තල්මසෙකුගේම භෝජන විලාසය පෙරා බුදීම නොවේ.

🐳 සමහර තල්මසුන් වෙනත් ජලජ ක්ෂීරපායින් හා මසුන් වර්ග ආහාරට ගන්නා බව සොයාගෙන ඇති අතර  බොහෝ විට ක්‍රීල් වර්ගයේ ක්‍රෂ්ටේශියාවන් ආහාරයට ගැනීමට දැඩි කැමැත්තක් දක්වන බව නීරීක්ෂ්ණය කර ඇත.

🐳 දැනට තල්මසුන් ප්‍රධාන ආකාර දෙකකට වෙන් කරන අතර එම විශේෂ වලට අයත් අනු විශේෂ බොහෝ ප්‍රමාණයක් සිටී. නමුත් මෙම අනු විශේෂ හැදින්වීමට සිංහල නාමකරණයේ නම් නොමැති වී ඇත්තේ මෙම බොහෝ ආකාර වාසය කරනුයේ අත්ලාන්තික් සාගරයේ හා පැසිපික් සාගරයේ වන බැවින් හා ආසියාතික මුහුදු සීමාවේ වැඩි වශයෙන් මෙම තල්මසුන් ආකාර නොගැවසෙන බැවිනි.

🐳 තල්මසුන් හට පෘෂ්ඨීය වරලක් නොමැත.

🐳 දිනකට තල්මස් පැටවකු ලීටර් 120  - 180ත් අතර ක්ෂීර ප්‍රමාණයකින් පෝෂණය වන අතර එහි 53% පමණ මේද අඩංගු වන අතර 6% පමණ ප්‍රෝටීන අඩංගු වේ.

🐳 තල්මසුන් එකිනෙකා සමඟ අදහස් හුවමාරු කිරීම සඳහා ඔවුන්ටම ආවේණික භාෂාවක් භාවිත කරනු ලබන අතර මෙම හඬ නිපද වීම මගින් ඔවුන් සිටිනා ඉසව් පිළිබඳව එකිනෙකා සමඟ අදහස් හුවමාරු කර ගන්නා බව සොයා ගෙන ඇත.

🐳 මෙය වවුලන් තම පියාසැරිය අතර තුර ගොදුරු හෝ ආහාර සොයා ගන්නා ආකාරයෙන් වෙනස් වන්නේ දෝංකාරයට අනුව ප්‍රතිචාර දැක්වීමක් නොව අනෙක් සගයා දක්වනු ලබන ප්‍රතිචාරයට අනුව පිළිතුරු හඬක් ගොඩ නැගීම තල්මසුන් දෙදෙනෙකු අතර සිදුවේ.

🐳 අධික ශීතල දරා ගැනීම සඳහා වෙනත් ක්ෂීරපායින් හට මෙන් මොවුන් හට රෝම නොපවතී. මේ නිසා එම ගැටළුව මග හරවා ගැනීමට විශාල දේහයක් දැරීමත් තෙල් මන්දයක් දැරීම මගින් තාපය රදවා ගැනීමට තල්මසුන් හට හැකි වී තිබේ.

🐳 තල්මසා තම වලිග වරල හසුරුවන්නේ මසුන් ට වඩා වෙනස් ආකාරයටය. මසුන් තම වලිග වරල දෙපසට වනමින් ජල තලයේ ඉදිරියට ඇදීමේ බලය නිපද වන අතර තල්මසුන් තම වලිග වරල ඉහළ පහළ චලනය කරමින් එම බලය නිපදවා ගනී.

🐳 එසේ කිරීමට සිදු වන්නේ තල්මසාගේ වලිග වරල සිරස් අතට නොව තිරස් අතට පිහිටා ඇති බැවිනි.


🐳 ගෝලීය උණුසුම් ඉහළ යාමත් දියබේ ගමන් කරන නැව් වල ගැටීමත් නිසා වරින් වර තල්මසුන් අනතුරු වලට පත්වේ. තව ද තෙල් ලබා ගැනීම සඳහා මන්ද තල්මසුන් දඩයම් කිරීම ද නිසා තල්මසුන් වඳවී යාමේ තර්ජනයට මුහුණ දී ඇත.



🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳
රූපමය අයිතිය පහත වෙබ් අඩවිය සතුවේ
https://images.app.goo.gl/nUKg9L9HVzcA9yco6


Comments

Popular posts from this blog

මී මැස්සා