බඹරා


භාහිර පෙනුම -

Apis dorsata යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන බඹරු, ප්‍රධාන වශයෙන්ම දැකිය හැකි වන්නේ, දකුණු හා අග්නිදිග ආසියාතික රටවල් වලය. යුරෝපීය හා අප්‍රිකානු රටවල්වල , බඹරු දකින්න ලැබෙන්නේ නෑ. උදරය තද දුඹුරු / කළු පැහැයකින්වේ. 17mm - 20mm අතර ශරීර දිගකින් යුක්තය. 


බඹර වදය-

පරිසරයේ දක්නට ලැබෙන බිඟු විශේෂ අතුරින් විශාලතම ජනපදයක් සෑදීම කරන්නෙත් මේ බිඟු විශේෂය මගින්.  බඹරු, තම කැදැල්ල සෑදීම සිදුකරනුයේ විවෘත, එළිමහන්, පොළොව මට්ටමේ සිට ඉතා ඉහළින්. එය බොහෝවිට, රූස්ස ගස් අතු මත, උස ගොඩනැඟිලි මත හෝ උස පාලම් යට වන්නට පුළුවනි. බ බඹරුන් විසින් සාදන මේ කැදැල්ල, තනි වදයකින් යුක්ත වේ. බඹර ජනපදයක, බඹරුන් 100,000 කට ආසන්න ප්‍රමාණයක් සිටින නමුත්, මෙහිදී පිරිමි මැස්සන්ගේ හා ගැහැණු මැස්සන්ගේ පිලා කෝෂ වෙන් වෙන්ව පිහිටීමක් දක්නට ලැබෙන්නේ නෑ. එනම්, එය මිශ්‍ර ලෙස වදය පුරා විහිදී තිබෙනවා. සාමාන්‍යයෙන් නොවැම්බර්, ඔක්තෝබර් කාලසීමාව තුළදී මේ බඹර ජනපදවල රංචු බෙදීයාම දක්නට ලැබෙන අතර, එහිදී ජනපදයේ සිටින පරණ රැජන, ජනපදයේ මැස්සන් කොටසකුත් සමඟ, ජනපදයෙන් ඉවත්වී, වෙනත් වාසස්ථානයක් කරා යාම සිදුවනවා. ජනපදයේ ඉතිරිවන බඹරුන් විසින් නව රැජිනක් සාදාගන්නවා. 



බඹර දෂ්ඨනය  -

බඹර ප්‍රහාරයකට ලක් වූ විට කුඩා බිබිළි ඇති වී අදාළ ප්‍රදේශය රතු පැහැ වී ඉදිමෙන අතර දැඩි වේදනාවක් ඇති කරයි. හිස ආශ්‍රිතව බඹරාගේ විෂ දළ පිහිටා තිබෙන නිසා එක් වරක් දෂ්ඪ කිරීමෙන් පසු ඔවුන් මිය යනවා. තම විලෝපිකයන්ට එරෙහිව දැඩි ආක්‍රමණශීලී හැසිරීම් රටාවක් දක්වනවා මෙන්ම බඹරු රාශී ආක්‍රමණයක් මඟින් සතුරන්ව හබා ගොස් පන්නා දැමීමද සිදුකරති.


Comments

Popular posts from this blog

මී මැස්සා