නිල් තල්මසා

 🐳 නිල් අලු පැහැති සමේ අඳුරු පැහති ලප විසිරී ඇත.



🐳 නිල් තල්මසුන්ගේ පැටවකුගේ උපත්බර කිලෝ ග්‍රෑම් 4000 ත් 5000ත් අතර වේ.

🐳 වැඩුණු නිල් තල්මසෙකුගේ බර කිලෝ ග්‍රෑම් 50000ත් 136000ත් අතර වේ.

🐳 පූර්ව ගාත්‍රා කෙටි සහ කෙළවර උල් හැඩැති අවල්පත් බවට පත් වී ඇත. මේවා දිගින් මීටර් 3ත් 4ත් අතර වේ.


🐳 ලොව වෙසෙන විශාලතම ක්ෂීරපායි  සත්වයා හා වර්තාමනයේ ලොව වෙසෙන විශාලතම සත්වයා ද වේ.

🐳 වැඩුනු නිල් තල්මසුන් දිගින් මීටර් 29ත් 30ත් අතර වේ.

🐳 පැයට කිලෝමීටර් 20ත් 50ත් අතර වේගයකින් මොවුන් පිහිනා යයි.

🐳 20Hz සංඛ්‍යාතයෙන් යුත් තරංග ඔස්සේ අදහස් හුවමාරු කරන බව සොයාගෙන ඇත.

🐳 එම හඩ සැතපුම් සිය ගණනක් දුරට ඇසෙන අතර මෙම හඩ නිපද වීම වාර්තා වන්නේ ලොව වැඩිම දුරකට හඩ නිපදවන සත්ව කණ්ඩායම ලෙසය.

🐳 තනිව ගොදුරු සොයන නමුත් ඉදහිට නිල් තල්මසුන් දෙතුන් දෙනෙකු එකතු වී ගොදුරු වට කරනු දැක ගත හැක.

🐳 විනාඩි 30ක් පමණ කිමිදුම් කාලයකට මොවුන් උරුමකම් කියයි.

🐳 වසර 80ක පමණ ආයු කාලයක් නිල් තල්මසුන් සතු වන අතර ගැහැණු සතුන් අවුරු 7 සිට 12 අතර කාලයේ වැඩිහිටි බවට පත්වේ.

🐳 මොවුන් විසින් පිට කරනු ලබන ප්‍රාශ්වාස මීදුම් ජල පහර මීටර් 9ත් 12 අතර උසකට ඍජුව ගමන් කරයි.



🐳 නිල් තල්මසුන් ක්‍රීල් නම් කුඩා ක්‍රෂ්ටේශියාවන් ආහාරයට ගනු ලබයි.


රූපමය අයිතිය 
https://images.app.goo.gl/MXPwSZosDfGrnkfG6 වෙබ් අඩවිය සතු වේ.




Comments

Popular posts from this blog

මී මැස්සා