Posts

Showing posts from November, 2020

කුහුඹුවන්

Image
  🐜 කූහුඹු ජනපද සම්පූර්ණයෙන්ම වාගේ නිර්මාණය වී ඇත්තේ කුහුඹු ගැහැණු සතුන්ගෙනි. 🐜 මෙයට හේතු වන්නේ කුහුඹු පිරිමි සතුන් ජනපදය තුළ තාවකාලිකව රැදී සිටින්නේ ඔවුන්ගේ තටු වර්ධනය වී කුහුඹු රැජිනක් සොයා කුහුඹු ජනපදයෙන් පිටවන තුරු පමණි. 🐜 මෙම ගමන කුහුඹු පිරිමි සතුන් ගේ මරණයේ ගමන ලෙස ද හැඳින්වේ . 🐜 එසේ වන්නේ මෙම පියාසැරිය අතර තුර හූණන් කුරුල්ලන් වැනි විලෝපික සතුන්ට ගොදුරු වීමෙන් හෝ නැතිනම් අත්තටු බිදීයාමෙන් හෝ මරණය සිදුවන අතර එසේ නොමැති නම් කුහුඹු රැජිනක් යටතේ සිටින කුහුඹු ගැහැණු සතෙකු හා සිදුවන සංසර්ගයෙන් පසු අනිවාර්යයෙන්ම කුහුඹු පිරිමි සතුන් මිය යයි. 🐜 මේ නිසා මෙම අත්තටු ලැබී පිරිමි  කුහුඹුවන් සිදු කරන පියායැරිය ඔවුන්ගේ පළමු හා අවසාන පියාසැරිය වේ. 🐜 කුහුඹුවාගේ ජීවන චක්‍රය ආරම්භ වනුයේ පිරිමි කුහුඹුවකු හා කූඹි රැජිනක් අතර සිදුවන සංසර්ගයෙනි. 🐜 කුහුඹුවාගේ ජීවන චක්‍රය බිත්තර , කීටයා , පිළවා සහ සුහුබුලා යන අවධි මගින් සම්පූර්ණ වේ. 🐜 මෙහිදී කුහුඹු ජනපදයක සිටින මවු කුහුඹු රැජින විසින් බිහි කළ දුහිතෘ කුහුඹු රැජිනියන් ඇයගේ පාලනය යටතේ වෙසෙන අතර පියාසැරියේ යෙදෙන පිරිමි කුහුඹුවකු හා සිදුවන සංස...

Bowhead Whale

Image
🐳 Bowhead Whale හැදින්වීම සඳහා සිංහල බසින් නමක් නොමැත. සමහර පොත් පත් හා වෙබ් අඩවි වල මොවුන් දුනු හිස තල්මසා ලෙස නම් කර ඇත. 🐳 පැටවකුගේ බර කිලෝ ග්‍රෑම් 900ත් 1000ත් අතර වේ. 🐳 වැඩුනු තල්මසෙකු බර කිලෝ ග්‍රෑම් 30000 ත් 100000ත් අතර වේ. 🐳 යටි හනුව හා වලිගය ආශ්‍රිතව සුදු පැහැති වර්ණ පටියක් නිරීක්ෂණය කළ හැක. 🐳 ඉතා ව්ශාල හිසක් ඇත. ශරීරයේ දිගින් 40%ක් පමණ හිස ප්‍රදේශයට වෙන් වේ. 🐳 මොවුන් හට අඩි දෙකක් පමණ වන ඝනකම් සහිත අයිස් තට්ටු කඩා බිඳ දැමීමේ හැකියාවක් ඇත. 🐳 සෙමින් පිහිනා යාමට ප්‍රිය කරන මොවුන් අවශ්‍ය විටෙක පැයකට ආසන්න කාලයක් ගැඹුරු දියේ කිමිදීමට ද හැකියාව ඇත. 🐳 මතුපිට පාවෙන සත්ව ප්ලවාංග මත යැපේ. 🐳 මොවුන්ගේ වර්ධනය ඉතා සෙමින් සිදුවන අතර ගැහැණු සතුන් පරිණතභාවයට පත්වන්නේ අවුරුදු 12ත් 18ත් කාලයේ වන අතර සමහර විට මෙය අවුරුදු 25ක් තරම් කල් ගත විය හැක. 🐳 ගර්භණී කාලය මාස 13 සිට 14 වන අතර මොවුන් වසර 100ක් පමණ ජීවත් වන බව සොයා ගෙන ඇත. 🐳 දැනට ජීවත් වන දිගින් වැඩිම ක්ෂීරපායි සත්වයා ලෙස හදුනා ගෙන ඇත. 🐳 ආර්ක්ටික් සාගර කළාපයේ දැක ගත හැක. රූපමය අයිතිය  https://images.app.goo.gl/MXPwSZosDfGrnkfG6...

නිල් තල්මසා

Image
  🐳 නිල් අලු පැහැති සමේ අඳුරු පැහති ලප විසිරී ඇත. 🐳 නිල් තල්මසුන්ගේ පැටවකුගේ උපත්බර කිලෝ ග්‍රෑම් 4000 ත් 5000ත් අතර වේ. 🐳 වැඩුණු නිල් තල්මසෙකුගේ බර කිලෝ ග්‍රෑම් 50000ත් 136000ත් අතර වේ. 🐳 පූර්ව ගාත්‍රා කෙටි සහ කෙළවර උල් හැඩැති අවල්පත් බවට පත් වී ඇත. මේවා දිගින් මීටර් 3ත් 4ත් අතර වේ. 🐳 ලොව වෙසෙන විශාලතම ක්ෂීරපායි  සත්වයා හා වර්තාමනයේ ලොව වෙසෙන විශාලතම සත්වයා ද වේ. 🐳 වැඩුනු නිල් තල්මසුන් දිගින් මීටර් 29ත් 30ත් අතර වේ. 🐳 පැයට කිලෝමීටර් 20ත් 50ත් අතර වේගයකින් මොවුන් පිහිනා යයි. 🐳 20Hz සංඛ්‍යාතයෙන් යුත් තරංග ඔස්සේ අදහස් හුවමාරු කරන බව සොයාගෙන ඇත. 🐳 එම හඩ සැතපුම් සිය ගණනක් දුරට ඇසෙන අතර මෙම හඩ නිපද වීම වාර්තා වන්නේ ලොව වැඩිම දුරකට හඩ නිපදවන සත්ව කණ්ඩායම ලෙසය. 🐳 තනිව ගොදුරු සොයන නමුත් ඉදහිට නිල් තල්මසුන් දෙතුන් දෙනෙකු එකතු වී ගොදුරු වට කරනු දැක ගත හැක. 🐳 විනාඩි 30ක් පමණ කිමිදුම් කාලයකට මොවුන් උරුමකම් කියයි. 🐳 වසර 80ක පමණ ආයු කාලයක් නිල් තල්මසුන් සතු වන අතර ගැහැණු සතුන් අවුරු 7 සිට 12 අතර කාලයේ වැඩිහිටි බවට පත්වේ. 🐳 මොවුන් විසින් පිට කරනු ලබන ප්‍රාශ්වාස මීදුම් ජල පහර මීටර...