Posts

Showing posts from October, 2020

අළු තල්මසා

Image
🐳 පෘෂ්ඨීය ප්‍රදේශය තද අළු පැහැතිවන අතර උදරීය ප්‍රදේශය ලා කහ පැහැති වේ. 🐳 පටු ත්‍රිකෝණාකාර හිසක් සහිත තල්මසාගේ දිගින් 20%ක් පමණ හිස සඳහා වෙන්වේ. 🐳 තියුණු ලෙස හිස කෙළවර වන බැවින් (හොම්බකින්) මොවුන්ට පහසුවෙන් සාගර පතුළේඅඩ අතර සැග වී සිටින ක්‍රෂ්ටේශියාවන් සොයා ගැනීම ඉතා පහසි වේ. 🐳 අළු තල්මසා හට විශාල ශක්තිමත් ශරීයක් ඇත. 🐳 පූර්ව ගාත්‍රා කෙටි හබල් ආකාරයට නිර්මාණය වී ඇත. 🐳 වලිග වරලේ පළල මීටර් 3ත් 3.6ත් අතර වේ. 🐳 මොවුන් බොහෝ විට තනිව වාසය කරන අතර ඉදහිට ස්ථාවර නොවූ කණ්ඩායම් ලෙස සිටිනු නිරීක්ෂණය කළ හැක. 🐳 පැටවකුගේ උපත් බර කිලෝ ග්‍රෑම් 680ත් 920ත් අතර වේ. 🐳 වැඩුනු වැඩිහිටි ගැහැණු සතෙකුගේ බර කිලෝ ග්‍රෑම් 16000 සිට 45000 අතර පරාසයේ පවතී. 🐳 සාගර පතුලේ වෙසෙන කුඩා බෙල්ලන් , රතු කකුළුවන් හා ක්‍රීල් වැනි ක්‍රෂ්ටේශියාවන් ද පිහිනා යන කුඩා මත්ස්‍ය රංචු ද අළු තල්මසා ආහාර සඳහා ගොදුරු කර ගනී. 🐳 ශීත සෘතුවේ දී කිලෝ මීටර් 12000 සිට 20000 අතර ප්‍රමාණයක් ගෙවා මොවුන් පැසිපික් සාගරයට ඇතුළු වන්නේ ශීත සෘතුවේ දී තම දේහ උෂ්ණත්වය යාමනය කර ගැනීම අපහසු වන බැවිනි. 🐳 මෙය ක්ෂීරපායි සතෙකු ශිශිරාවතරණය සඳහා ගෙවා යන ව...

තල්මසුන්

Image
  🐳 තල්මසුන් අයත් වන්නෙ සත්ව වර්ගීකරණයේ ක්ෂීරපායි වර්ගයේ සිටේෂියා ගෝත්‍රයට ය.    🐳 තල්මසා මුහුදේ ජීවත් වන තවත් එක් මසුන් වර්ගයක් ලෙස බොහෝ දෙනෙකු වරදවා වටහා ගෙන ඇත. 🐳 එයට හේතු වී ඇත්තේ තල්මසුන්ගේ හැඩය ද මසුන් ගේ මෙන් ද්විත්ව අනාකූල හැඩයක් දරන බැවින් හා ජලයේ ජීවත් වන බැවිනි. 🐳 නමුත් තල්මසුන්ගේ අපිචර්මීය ආවරණය ලෙස කොරළ නොපවතින අතර රෝම රහිත ඉතා සිනිඳු සමක් පවතී. මේ නිසා ජලය තුළ දී ඇති වන ඝර්ෂණය වළක්වාගෙන කිමිදීම පහසු වී ඇත. 🐳 ක්ෂීරපායින්ගේ මෙන් බාහිර කන් පෙති නොමැති අතර ඉතා කුඩා කන් විවර දෙකක් පවතී. මේවාද කුඩා සම් පටළයක් මගින් ආවරණය වී ඇත්තේ මැද  කණ හා ඇතුළු කණ වෙත ජලය ගමන් කිරීම වැළැක්වීමටය. 🐳 තල්මසා යනු ජලජ පරිසර වල මෙන්ම ලොව දැනට වෙසෙන විශාලතම ක්ෂීරපායි සත්වයා වේ. 🐳 තල්මසා හට ජලය තුළ දී ශ්වසනය සිදු කළ නොහැක. 🐳 එසේ වන්නේ මත්ස්‍යයින්ට මෙන් තල්මසුන් හට කරමල් නොමැති බැවිනි. ඔවුන් සතුව නාස් විවරයක් පවතී. 🐳 නාස් විවරය පවතිනුයේ හිස කොටසේ පෘෂ්ඨීය පැත්තේය. 🐳 මෙම නාස් විවරයෙන් උනුසුම් හා තෙත ප්‍රාශ්වාස වාතය වේගයෙන් ජල පෘෂ්ඨයේ සිට වේගයෙන් පිටතට විදිනු ලැබේ. මෙය ජල...

මී මැස්සා

Image
  මී මැස්සා භාහිර පෙනුම - Bee ලෙස ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන මී මැස්සා ප්‍රමාණයෙන් කුඩාය. පැහැයෙන් කහ දුඹුරු පැහැයක් ගන්නා අතර උදර කොටසේ තද දුඹුරු පැහැති පටි ආකාරයක් දැකිය හැකිය.  මී වදය -  මී වද සෑදීමේදී ඉතා ඉහළ තුරු මුදුන් වෙත ගමන් කරනු නිරීක්ෂණය කළ නොහැකි නමුත් තරමක් උස් වූ ආරක්ෂිත හා ශක්තිමත් අතු වල මී වද බැදිනු දැකිය හැක. මීමැස්සන් විසින් මී වදයේ  පැණි ගබඩා කිරීමේදී, එක් එක් වදයේ ඉහළ සම්පූර්ණ තීරුවම ඒ සඳහා භාවිතා කරයි.  මී වදයක ඇති කෝෂ සැදීම නිරීක්ෂණය කිරීමේ දී  දැකි හැකි ප්‍රධාන පදනම් ආකාර දෙකකි.ඒවා නම් සේවක පදනම හා පිරිමි මී මැසි පදනමයි.සේවක පදනම අනුව ගොඩ නැගුනු මී වදයක  මී මැස්සාට ශඩස්‍රාකාර කුඩා සේවක ‍කෝෂ තනා ගැනීමට හැකියාව සලසන   අතර, පිරිමි මී මැසි පදනම මත ගොඩ නැගුනු මී වදයක පිරිමි මීමැස්සන්ට වඩා විශාල කෝෂ තනා ගැනීමට ඉඩ සලසා තිබෙනු දැකිය හැක. මී මැස්සන් ආකාර-  මී මැසි ජනපදයක හඳුනා ගත හැකි මී මැස්සන් වර්ග තුනක් සිටිති. රැජින - මී මැසි ජනපදයක සාමාන්‍යයෙන් උත්පාදන ශක්තියක් තිබෙන එකම ගැහැණු සතා මී මැසි රැජින වේ. මී මැසි රැජින මී මැසි...

බඹරා

Image
භාහිර පෙනුම - Apis dorsata යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන බඹරු, ප්‍රධාන වශයෙන්ම දැකිය හැකි වන්නේ, දකුණු හා අග්නිදිග ආසියාතික රටවල් වලය. යුරෝපීය හා අප්‍රිකානු රටවල්වල  , බඹරු දකින්න ලැබෙන්නේ නෑ.  උදරය තද දුඹුරු / කළු පැහැයකින්වේ. 17mm - 20mm අතර ශරීර දිගකින් යුක්තය.  බඹර වදය- පරිසරයේ දක්නට ලැබෙන බිඟු විශේෂ අතුරින් විශාලතම ජනපදයක් සෑදීම කරන්නෙත් මේ බිඟු විශේෂය මගින්.   බඹරු, තම කැදැල්ල සෑදීම සිදුකරනුයේ විවෘත, එළිමහන්, පොළොව මට්ටමේ සිට ඉතා ඉහළින්. එය බොහෝවිට, රූස්ස ගස් අතු මත, උස ගොඩනැඟිලි මත හෝ උස පාලම් යට වන්නට පුළුවනි. බ  බඹරුන් විසින් සාදන මේ කැදැල්ල, තනි වදයකින් යුක්ත වේ.  බඹර ජනපදයක, බඹරුන් 100,000 කට ආසන්න ප්‍රමාණයක් සිටින න මුත්, මෙහිදී පිරිමි මැස්සන්ගේ හා ගැහැණු මැස්සන්ගේ පිලා කෝෂ වෙන් වෙන්ව පිහිටීමක් දක්නට ලැබෙන්නේ නෑ. එනම්, එය මිශ්‍ර ලෙස වදය පුරා විහිදී තිබෙනවා.  සාමාන්‍යයෙන් නොවැම්බර්, ඔක්තෝබර් කාලසීමාව තුළදී මේ බඹර ජනපදවල රංචු බෙදීයාම දක්නට ලැබෙන අතර, එහිදී ජනපදයේ සිටින පරණ රැජන, ජනපදයේ මැස්සන් කොටසකුත් සමඟ, ජනපදයෙන් ඉවත්වී, වෙනත් වාසස්ථ...

දෙබරා

Image
  දෙබරා   දෙබරා බුද්ධිමත් හා උපක්‍රමශීලී සත්වයෙකි. ඔවුන් හට සමාන ලක්ෂණ සහිත දෑ වෙන් කර හඳුනා ගැනීමේ හැකියාවක් ඇත. එනම් මිනිස් සමූහයක් අතරින් පුද්ගලයින් වෙන් වෙන් වශයෙන් වෙන් කර හඳුනා ගත හැක.  මෙය  සකර්මක විනිශ්ච හැකියාව  නම් වන අතර  එම හැකියාව ඇති බවට තහවුරු කර ඇති එකම අපෘෂ්ඨවංශි සත්ව වර්ගය දෙබරුන් පමණි. දෙබරාට වර්ණයෙන් අඩු වැඩි දෑ මෙන්ම සමාන ගති ඇති යුගළ සැනින් තෝරා ගැනීමට ද හැකියාව පවතී. භාහිර පෙනුම - දෙබරා , බඹරාට වඩා තරමක් ප්‍රමාණයෙන් විශාල වන අතර කද වටා කහ පැහැති පටියක් දැකිය හැකිය. දෙබර කූඩු -  ග්‍රාමීය පෙදෙස් වල මෙන්ම නාගරික ප්‍රදේශ වලද පහසුවෙන් ලගා විය නොහැකි ඉතා උස් ස්ථාන වල දෙබර කූඩු නිර්මාණය කරනු ලබනවා. මෙම කූඩු සෑදීමේදී ශාක කොටස් තදින් හපා ඒවායේ ඇති කෙදි සමඟ ඉතා විෂ සහිත දෙබර ඛේටය මිශ්‍ර කරයි.    දෙබර වදයේ පාලනය - දෙබර ජනපදයක් තුළ එක් රැජිණක් නොව පරපුර බිහි කළ හැකි රැජිණියන් (ගැහැණු සතුන්) කිහිප දෙනෙකු වන අතර ඔවුන් එකිනෙකා අතර අනෙකා පාලනය කිරීමට තරඟ කරයි.  දෙබර දෂ්ඨනය - වඩාත්ම දරුණු ගණයේ ප්‍රහාරයක් වන දෙබර ප්‍රහාර නිසා සමෙන් ...

බූවල්ලා

Image
  🐙 බූවල්ලා කවච දරන පවුලේ එනම් මොලුස්කා වංශයට අයත් සාමාජිකයකු වේ. 🐙 බූවල්ලාට චූෂකර සහිත අඩු අටක් හිස වටා පිහිටා ඇත. මෙම අඩු වල සන්ධි නොමැති අතර ඒවා මාංශල වේ. මේ නිසා ඕනෑම දිශාවකට පහසුවෙන් හැසිරවිය හැක. 🐙 නමුත් මොවුන් හට භාහිර කවචයක් හෝ අභ්‍යන්තර කවචයක් නොමැත. 🐙 මෙලෙස කවච නොපැවතීම නිසා පහසුවෙන්ම ගොදුරු සැග වී සිටින ස්ථාන කරා ලගා වීමේ හැකියාව පවතී. 🐙 බූවල්ලාට ඉතා විශාල ඇස් පවතී. 🐙 දියුණු ස්නායු පද්ධතියක් හා විශාල මොලයක් මොවුන් සතුව ඇත. 🐙 සාමන්‍යයෙන් බූවල්ලෙකුගේ ශරීරයේ ස්නායු පද්ධතියට සම්බන්ධ නියුරෝන මිලියන 500ක් පමණ ඇතැයි සොයාගෙන තිබේ. මෙය සුනඛයෙකු ගේ පවතින ස්නායු ප්‍රමාණයට ආසන්න වශයෙන් සමාන වන අතර කොදු ඇට පෙළක් නොදරන එනම් (අපෘෂ්ඨවංශික) සතෙකු සතුව පවතින වැඩිම නියුරෝන ගණනට හිමි සත්ව කාණ්ඩය ලෙස බූවල්ලන් හැඳින්විය හැක. 🐙 බූවල්ලාගේ නියුරෝන වලින් තුනෙන් දෙකක්ම එහි අත්වල අඩු වල ඇති ස්නායු රැහැන් වල දක්නට ලැබේ. 🐙 මිනිසාගේ දෘෂ්ටිය තරම් ම දියුණු පෙනීමක් බූවල්ලන් හට ඇති බව සොයා ගෙන ඇත. 🐙 බූවල්ලා රංචු වශයෙන් නොව තනිවම වාසය කිරීමට ප්‍රිය කරයි. 🐙 කොරල් පර සහ මුහුදු පතුල ඇතුළු සාගරයේ වි...

Elephant

Image
🐘 The elephant is currently the largest land mammal. 🐘 The scientific name of the elephant, African elephant - Loxodonta africana Asian elephant - Elephas maximus  🐘 The African elephant is larger in size and taller than the Asian elephant.  🐘 The African elephant's head is completely round and has a single head. But the head of the Asian elephant can be seen with a double spherical head.  🐘 Although the elephant's vision is poor, its sense of smell and hearing are very high. 🐘 Elephants often shake their ears to control their body temperature because their ears are well ventilated.  🐘 The elephant is a mammal. In mammals, all four types of teeth can be found: incisors, molars, premolars and molars.  🐘 But the mammal, the elephant, is unique. This is because the dentition of the elephant differs from that of other mammals. 🐘 Elephants have only two types of teeth. They are just a pair of incisors and a pair of molars.  🐘 For another reason, the el...

අලියා

Image
🐘 අලියා යනු වර්තමානයේ ගොඩබිම වෙසෙන විශාලතම ක්ෂීරපායි සත්ත්වයාය.    🐘 අලියාගේ විද්‍යාත්මක නාමය , අප්‍රිකානු අලියා - Loxodonta   africana ආසියානු අලියා - Elephas   maximus 🐘 අප්‍රිකානු අලියා ආසියානු අලියාට වඩා ප්‍රමාණයෙන් විශාල වන අතර උසින් වැඩිය. අප්‍රිකානු අලියාගේ හිස සම්පූර්ණ වටකුරු හා තනි හිස් මුදුනක් ඇත. නමුත් ආසියානු අලියාගේ හිස ද්විත්ව ගෝලාකාර හිස් මුදුනක් දැකිය හැක. 🐘 අලියාගේ දෘෂ්ටිය තරමක් මද වුව ද ආඝ්‍රාණ සංවේදනය හා ශ්‍රවණ සංවේදනය ඉතා ඉහළ මට්ටමක පවතී. 🐘 තම දේහ උෂ්ණත්වය පාලනය කර ගැනීම සඳහා අලියා නිතරම කන් පෙති සොලවනු ලබන්නේ අලියාගේ කන් පෙති ඉතාමත් හොඳින් වාහිනීමත් වී ඇති නිසාය.  🐘 අලියා යනු ක්ෂීරපායි  සත්ත්වයෙකි. ක්ෂීරපායි  සතුන් හට කෘන්තක, රදනක, පුරස්චාර්වක හා චාර්වක යන දත් වර්ග හතරම පවතින දැක ගත හැකිය. නමුත් අලියා නම් ක්ෂීරපායි සත්ත්වයා ඉන් සුවිශේෂී වේ. 🐘 එසේ වන්නේ අලියාගේ දන්ත වින්‍යාසය අනෙකුත් ක්ෂීරපායි සතුන්ගේ දන්ත වින්‍යාසයෙන් වෙනස් වන බැවිනි. 🐘 අලියා සතු පවතිනුයේ දත් වර්ග දෙකක් පමණ. ඒවා නම් කෘන්තක දත් යුගලයක් සහ චාර්වක දත් යුගලයක් ...